අද සහ හෙට මහනුවරට වාහන වලින් යන්නෙ මෙහෙමයි

අද සහ හෙට මහනුවරට වාහන වලින් යන්නෙ මෙහෙමයි

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වන ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍ය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා.

අද (31) කුඹල් පෙරහැර දෙවන දිනය වන අතර හෙට තෙවැනි දිනටත් වීථි සංචාරය කිරීම හේතුවෙන් ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහනවලට මහයියාව හන්දියෙන් ,තිලක් රත්නායක මාවත ඔස්සේ පොලීසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැකියි.

කටුගස්තොට දෙසින් එන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරාමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

කටුගස්තොට දෙසට පිටවන වාහන පොලීසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කරනවා.

කටුගස්තොට දෙසට පිටවන වාහන කන්දේ වීදිය,ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ මහයියාව දෙසට ගමන් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් එක වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර දුම්රියපොළ අසලින් ද කොළඹ දෙසට ගමන් කරන වාහන දකුණු පසට ද ගමන් කරන්නට කටයුතු යොදා තිබෙනවා.

නගරයේ සිට අම්පිටිය, තෙල්දෙනිය මා‍ර්ගයේ ගමන් කරන වාහන ඔර්ලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජින හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකියි. තව ද බෝගම්බර වටරවුමේ ඇහැලේපොල කුමාරිහාමි මාවත,රජපිහිල්ල මාවත,වේල්ස් පාක් හන්දිය හරහා,සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

රථවාහන තදබදය වැඩි අවස්ථාවක් වී නම් ඔර්ලෝසු කණුව වටරවුමෙන් ටොරින්ටන් ,මුස්ලිම් පල්ලිය පාර ඔස්සේ වේල්ස් පාක් හන්දියට ගමන් කර සංඝරාජ මාවත ඔස්සේ හරවා යැවීමට ද කටයුතු යොදා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා.

කොළඹ දෙසින් ඇතුළුවන හා මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිටවන වාහනවලට පරණ පේරාදෙනිය පාර හා විලියම් ගොපල්ලව මාවත ඔස්සේ ගමන් කළ හැකියි.

 

Share This