අද සිට ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

අද සිට ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි

ජනතාව ළඟට ගොස් බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන අද (31 වැනිදා) සිට ක‍්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ඒ අනුව රාජ්‍ය ආයතන, පෞද්ගලික රැකියා ආයතන, දුම්රිය පළවල්, බස් නැවතුම් පළවල් හා ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන අසළට ජංගම එන්නත්කරණ රථ මගින් බූස්ටර් එන්නත ලබාදීමට කටයුතු කරන බවද යුද හමුදාපතිවරයා පවසා සිටියා.

මීට අමතරව නිවෙස් වෙතද ජංගම එන්නත් කරන රථ යවා මෙතෙක් බූස්ටර් එන්නත ලබා නොගත් ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පවසා සිටින්නේ “ඉකුත් සති තුන හතර තුළ කොවිඞ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

තාමත් බූස්ටර් එන්නත ලබාගෙන නැති ජනතාවගෙන් ඉල්ලා සිිටින්නේ ඉක්මනිම මේ බූස්ටර් එන්නත ලබා ගන්න කියලයි.

ජනාධිපතිතුමාගේ උපදෙස් මත යුද හමුදාව ඇතුළු විවිධ හමුදාව යොදවලා හැම පුරවැසියකු ළඟටම ගිහින් මේ බූස්ටර් එන්නත ලබාදීමේ කටයුත්ත අපි අද (31 වැනිදා) ඉඳලා ආරම්භ කරනවා.

අපිට ඕන රටේ ජනතාව කොවිඩ්වලින් බේරාගන්නයි.

ළඟට ඇවිත් එන්නත ලබාදෙන වැඩෙන් ප‍්‍රයෝජන ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”.

Share This