අධිවේගීයේ ගාස්තුව කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම අද සිට

අධිවේගීයේ ගාස්තුව කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම අද සිට

අධිවේගී මාර්ගවල ගාස්තු ණයපත් හෝ හරපත් (debit or credit cards) මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවල දී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම උදෙසා නව තාක්ෂණය යොදා ගනිමින් ජන ජීවිත පහසු හා වේගවත් කිරීම මුලික කරගනිමින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙලට අනුව මෙම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ.

Share This