අනතුරට පත් ගුවන් යාන‍යේ සිටි පි‍රිස ගැන තොරතුරු මාධ්‍යට
යානයේ සිටි පිරිස ගැන නවතම තොරතුරු

අනතුරට පත් ගුවන් යාන‍යේ සිටි පි‍රිස ගැන තොරතුරු මාධ්‍යට

බටහිර ඉන්දියාවේ අහමදාබාද්හිදී ගුවන්ගත වී ටික වේලාවකින් අනතුරට පත් පුද්ගලයින් 242 දෙනෙකු රැගත් ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් යාන‍යේ ගමන් ගත් මගීන් පිළිබද තොරතුරු මාධ්‍ය වාර්තා කළා. AI171 මෙම ගුවන් යානය අහමදාබාද් සිට ලන්ඩන් ගැට්වික් දක්වා ගමන් කරමින් තිබුණා.

යානයේ ඉන්දීය ජාතිකයන් 169 දෙනෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, කැනේඩියානු ජාතිකයෙකු සහ පෘතුගීසි ජාතිකයන් හත් දෙනෙකු සිට තිබුණා.

තුවාලකරුවන් ළඟම ඇති රෝහල් වෙත රැගෙන යන බව ගුවන් සේවය පැවසුවා.

හැකි තරම් ජීවිත බේරා ගැනීමට උත්සාහ කරමින් සෑම කෙනෙක්ම කඩිනම්ව කටයුතු කරන ආකාරය දක්නට ලැබුණා
.
ගුවන් තොටුපළට ඉතා ආසන්න ස්ථානයේ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ප්‍රදේශය පුරා ගිලන් රථ ධාවනය වෙමින් ඇත. මාර්ග අවහිර වී තිබේ.

හදිසි ප්‍රතිචාර කණ්ඩායම් තවමත් ගින්නක් නිවා දැමීමට උත්සාහ කරමින් සිටී.

ජනතාව පවසන්නේ විශාල ශබ්දයක් ඇසුණු බවත්, කළු දුමාරයක් පිටවන ආකාරය දුටු බවත්ය.

ප්‍රදේශයෙන් මළ සිරුරු තවමත් රැගෙන යමින් පවතින නව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අනතුර පිළිබඳව හෝ තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳව නිල තහවුරු කිරීමක් තවමත් වාර්තා වන්නේ නැහැ.

Share This