අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති විරෝධතාවයක් අතරතුරදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විරෝධතාවය පැවති ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකුද පැමිණ සිටි අතර ඔහු එහිදී විරෝධතාකරුවන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිඳු ඉඩක් නොමැති බැවින් විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසයි.

කෙසේවෙතත් විරෝධතාකරුවන් පාගමන යෑමට සූදානම් වීමත් සමග අන්තරේ කැඳවුම්කරු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

Share This