අනාගත අධ්‍යාපනයේ සැලසුම අගමැතිනිය පැහැදිළි කරයි

අනාගත අධ්‍යාපනයේ සැලසුම අගමැතිනිය පැහැදිළි කරයි

තාරුණ්‍යයට ඇති සියලු ඉගෙනුම් බාධක ඉවත්කොට ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයට ඇති අවස්ථා පුළුල් කිරීම සඳහා රජය අඛණ්ඩව ආයෝජනය කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.

ඇය පවසන්නේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩු පහසුකම් සහිත කලාප වෙත විශේෂ අවධානය යොමු කරන බවයි.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE ) 20 වැනි වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

රටක සාර්ථකත්වය රඳා පවතින්නේ අධ්‍යයන සුදුසුකම් මත පමණක් නොව ප්‍රායෝගික කුසලතා, නවෝත්පාදන සහ ව්‍යවසායකත්වය මත බව රජය විසින් හදුනාගෙන ඇති බව අමාත්‍යවරිය තවදුරටත් පැවසුවා.

අග්‍රාමාත්‍යවරිය පෙන්වාදුන්නේ ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රවේශ පුළුල් කරමින් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් වෙනුවෙන් අවශ්‍ය සියලු ආයෝජයනයන් සිදු කිරීම රජයක් ලෙස බලාපොරොත්තුව බවයි.

 

 

Share This