
අනුදිට ජනපති අනුරගෙන් සුබ පැතුම්
72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර තිබෙනවා
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙම සුබ පැතුම් එක් කළා
ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බව ද සුබ පැතුම් එක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා