අනුරාධපුර පොලිස් වැටලීම් වලින් මත් කුඩු සමග සැකපිට 4 ක් අල්ලයි

අනුරාධපුර පොලිස් වැටලීම් වලින් මත් කුඩු සමග සැකපිට 4 ක් අල්ලයි

අනුරාධපුර යුද හමුදා හා පොලිසිය සියලු දෙනා එක්වී දියත් කළ මෙහෙයුමකින් හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 ක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකරු වයස අවුරුදු 28 ක තරුණයකු වන අතර ඔහු අනුරාධපුර, ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

සැකකරු දැඩිව මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වූ අයකු බවත් මින් පෙර ඔහුට පෙර වැරදි තිබෙන බවත් පොලීසිය පැවසුවා.

තවත් ස්ථානයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 238 ක් සමග සැකපිට පුද්ගලයින් තිදෙනකු පොලීසිය අත් අඩංගුවට ගෙන තිබුණේ අනුරාධපුර කුඩා පාලාඩිකුලම්, වන්නි තම්මැන්නාව හා සූරිය මාවත යන ප්‍රදේශවලින්.

අනුරාධපුර මූලස්ථාන පොලිස් දූෂණ මර්දන අංශය මෙම වැටලීම සිදු කර වැටලීම සිදු කරන අවස්ථාවේදී එම සැකකරුවන් සතුව හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130,105 හා 03 ක් පොලීසිය භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් වයස අවුරුදු 28-30 අතර වයස් සීමාවේ පසුවන්නන් බව පොලීසිය පැවසුවා.

 

Share This