අනුරාධපුර බන්ධනාගාර අධිකාරීගේ නඩුව ඔක්තෝබර් 15 ට කල් යයි

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීගේ නඩුව ඔක්තෝබර් 15 ට කල් යයි

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් විදිමින් සිටියදී ජනාධිපති පොදු සමාව යටතේ විත්තිකරුවකු නිදහස් කිරීමේ චෝදනාවට ලක්වී සිටින අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුව අද (04) කැඳවනු ලැබුවා.

ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේයි.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න ගේ නඩුව අද දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඔහුට ලබා දී තිබූ නිල නිවසේ තිබෙන සියලුම භාණ්ඩ රැගෙන යාමට ඔහුගේ නීතිඥයින් උසාවියෙන් අවසර ඉල්ලා සිටි‍යා.

මහේස්ත්‍රාත්වරයා ඊට අවසරය ලබාදුන් අතර මීළඟ නඩු වාරය ඔක්තෝබර් මස 15 වැනිදාට කැදවීමටයි නියෝග කළේ.

 

Share This