අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමසිංහ මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය අප්‍රේල් මස 08 වැනිදා පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලා ඇති බව සඳහන්

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තෙරව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා

මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පසුගිය මාර්තු මස 01 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වනවා

Share This