අපරාධ ඇතුළු වැරදි රැසකට පුද්ගලයින් 4000 කට වැඩි පිරිසක් ඊයේ දිනයේ අත්අඩංගුවට

අපරාධ ඇතුළු වැරදි රැසකට පුද්ගලයින් 4000 කට වැඩි පිරිසක් ඊයේ දිනයේ අත්අඩංගුවට

පොලීසිය දිවයිනම ආවරණය වන පරිදි අපරාධ හා මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ඊයේ (03) සිදුකළ මෙහෙයුම් වලින් අපරාධ වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 23 දෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ටාශය නිකුත් කළ නිවේදනයක දැක් වුණේ සැකපිට පුද්ගලයින් 748 දෙනකු ඊයේ දිනයේ අත් අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තු කරුවන් සංඛ්‍යාව 210 ක්.

විවෘත වරෙන්තුකරුවන් 161 දෙනකු බීමත් රියදුරන් 110 දෙනකු ද ඊයේ දිනය තුල අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවා.

පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධව පුද්ගලයින් 25 ක් සහ රථ වාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3202 ක් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

Share This