අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් කෙටුම්පතට කතානායක අනුමැතිය

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් කෙටුම්පතට කතානායක අනුමැතිය

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත්
වික්‍රමරත්න මහතා ඊයේ ( 18 ) සිය සහතිකය ලබාදුන්නා.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත්
කෙටුම්පත පසුගිය අප්‍රේල් මස 08 දා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණේ මැයි මස 23 දිනයි.

අනතුරුව ජූනි මස 04 වැනිදා මෙම පනත් කෙටුම්පත තෙවැනි වර කියවීමෙන් අනතුරුව
පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත
වශයෙන් බලාත්මක වනවා.

2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ ඇතුළත් ප්‍රධාන විධිවිධානය
වන්නේ සැකකරුවන් සහ වරදකරුවන්ට පුද්ගලිකව පැමිණීම වෙනුවට දුරස්තව නඩු විභාගවලට
සහභාගී වීමට ඉඩදීමෙන් අධිකරණ කා‍ර්යවිධාන නවීකරණය කිරීමයි.

මහේස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන්ට ආරක්ෂාවට ඇති තර්ජන, මහජන සෞඛ්‍ය, හදිසි අවස්ථා, හෝ
නිරෝධායනය වැනි හදිසි අවස්ථාවන් හිදී එම පුද්ගලයන් පෞද්ගලිකවම පෙනී සිටීමෙන් නිදහස් කිරීමේ හැකියාව පවතිනවා.

එවැනි අවස්ථාවන් හිදී නඩු කටයුතු සදහා අදාල පුද්ගලයා නීතිඥයකු විසින් නියෝජනය
කළ යුතු අතර සජීව, දෘෂ්‍ය සහ ශ්‍රව්‍ය මාධ්‍ය හරහා සම්බන්ධ විය හැකියි.

මෙම පනත මගින් සාක්ෂිකරුවන්ට ඕනෑම ස්ථානයක සිට දුරස්ථව සාක්ෂි ලබාදීමට ඉඩ සැලසේ.

නමුත් පළමු අධිකරණ පැමිනීම්,වදහිංසා,හෝ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ප්‍රකාශනයන් හෝ
මානසික සෞඛ්‍ය ගැටලු සඳහා පුද්ගලයන් පෞද්ගලිකව පෙනී සිටීම අවශ්‍ය වනවා.

මෙම පනත නීතිමය ආරක්ෂණ පවත්වා ගනිමින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගෙන ඇත.

 

 

 

Share This