
අපරාධ පරීක්ෂණ නිලධාරීන් කරකවා අතහැරි මන්ත්‍රී අර්චුනා ගේ ප්‍රකාශය
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාතන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.
ඒ මහතා පැවසුවේ තමන් 2024 පාර්ලිමේන්තුවට තේරී පත් වූ දින සජීවී වොකාශය අතර tamil eelam ලෙස කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යම් කිසිවකු කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර තිබූ බවයි.
තමන් එදින ප්‍රකාශ කළේ ජාතික ගීය දෙමළ බසින් ප්‍රකාශ කිරීමේදී “ඊළ ශිලෝමනි” ලෙස පවසන බවත් තමන් එදින පැවසුවේ ජාතික ගීයේ දෙමල අදහස බවටත් ප්‍රකාශයක් දුන් බව වෛද්‍ය අර්චුනා රාමනාතන් මහතා මාධ්‍ය වෙත පැවසුවා.
මීට අමතරව තමන් ෆේස් බුක් හි තැබූ සටහනක් පිළිබදව ද විමසූ බව ඔහු සදහන් කළා.
ප්‍රභාකරන් දෙවියෝ ශැයි පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් ගැන ද විමසා සිටි බව ඔහු පැවසුවා.
එය දෙමළ ජනයා තමන්ගේ ඥාතියකු මියගිය විට දෙවියන් හැයි අතීතයේ සිට පැවත් එන්නක් බවත් ඒ අනුව එම ප්‍රකාශය කළ බවට තමන් සදහන් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.