
අපරික්ෂාකාරීව යතුරුපැදිය පදවා තරුණ ජීවිතයක් මහ මග
මාලබේ ,තලාහේන ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී යතුරු පැදියක් මාර්ගයේ අනෙක් පස ගමන් කළ මෝටර්‍රථයක් ගැටී අනතුරක් සිදු වුණා.
මෙම යතුරු පැදියේ පැමිණි එක පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා බර පතල තත්ත්වයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයින් අපරීක්ෂාකාරීව රිය පැදවීම මේ අනතුරට හේතුව බවයි.
යතුරුපැදිය පැදවූ තරුණයා සහ තවත් තරුණයින් කිහිප දෙනෙක් යතුරුපැදි කණ්ඩායමක් වශයෙන් බීමතින් පැමිණි බව සිද්ධිය ඇසින් දුටු තරුණයකු ප්‍රකාශ කළා.
බරපතළ තත්ත්වයේ සිටි යතුරුපැදියේ පැදවූ තරුණයා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර අනෙක් තරුණයාද බරපතළ තත්ත්වයේ පසුවෙන බව සදහන්.
මෙම අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.

