
අපවත් වී වදාල අස්ගිරි අනුනාහිමියන් වෙනුවෙන් විපක්ෂනායක සොව පළ කරයි
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ සද්ධර්මකීර්ති ශ්‍රී බුද්ධරක්ඛිත රතනපාල ධම්මදස්‍යාභිධාන නාහිමිපාණන්වහන්සේගේ අපවත්වීම අසා තමන් දැඩි සේ සංවේගයට පත්වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝක පනිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
විපක්ෂනායකවරයා සිය නිවේදනයෙන් පවසන්නේ තම දිවිගමනේ 18 වසර සම්පූර්ණ වීමට ආසන්න වීමත් සමඟම සම්බුදු සසුනේ පැවිදිව අරහත් ධජය දරමින් 39 වසරකට අධික කාලයක් මුළුල්ලේ තම පැවිදි ජීවිතය අර්ථසම්පන්නව කැපකළ බවයි.
කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරය ඇතුළු විහාරස්ථාන ගණනාවක නායකත්වය උසුලමින් ද ,දහම් පාසල් අධ්‍යාපනය පෝෂණය කරමින් ද අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිචාර්ය ධූරය උසුලමින් ද උන්වහන්සේ කළ සේවය මහත් බව සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝක පනිවිඩයෙන් පෙන්වා දෙනවා.
එමෙන්ම සම්බුදු සසුනේ අභිවෘද්ධියට මෙන්ම සුවහසක් ගිහිපැවිදි දෙපාර්ශ්වයම සම්බුදු දහමින් පෝෂණය කරන්නට අනුනායක හිමියන් කටයුතු කිරීම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ ශෝක පනිවිඩයේ සදහන්.
එමෙන්ම අපවත් වී වදාල ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් ශ්‍රී ලංකාදීපය පුරා පොදු ජනතාව සුමගට යොමු කරමින් ජාතික, ආගමික සහ ශාසනික අභිවෘද්ධිය උදෙසා පුරෝගාමී නායකත්වයක් සලසන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරය දරමින් දශකයකට ආසන්න කාලයක් සිදුකරන්නට යෙදුනා වූ සේවාව අනභිබවනීය බව විපක්ෂනායකවරයා සිය පනිවිඩයෙන් පෙන්වා දෙනවා.