
අප්‍රේල් 9 සිදුකරන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 9 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 65,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.