අභියෝග මැද ඉන්දියාවට ආ පාකිස්ථාන කණ්ඩායම (VIDEO)

අභියෝග මැද ඉන්දියාවට ආ පාකිස්ථාන කණ්ඩායම (VIDEO)

වසර 7කට පසුව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව වෙත පැමිණ තිබෙනවා.

ඒ, එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම සඳහායි.

ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම හයිද්‍රාබාද් වෙත පැමිණ ඇති අතර 2016 වසරේ පැවති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව
ඔවුන් ඉන්දියාව වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.

පාකිස්ථාන කණ්ඩායමට ඉන්දියාවට ඇතුළුවීමට වීසා හිමිවීම ප්‍රමාද වී තිබූ අතර පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුම්දී තිබුණා.

අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදු කළ මැදිහත් වීමෙන් පසු පාකිස්ථාන කණ්ඩායමට ඉන්දියාවට පැමිණීමට වීසා හිමිව තිබූ බව සඳහන්.

ඒ අනුව ඉන්දියාව වෙත පාකිස්ථානක්‍රිකට් කණ්ඩායම පැමිණි අවස්ථාවේ දී ක්‍රීඩාලෝලීන් විසින් ඔවුන්ව උණුසුම් ආකාරයෙන් පිළිගත් ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

කෙසේවෙතත් ඉන්දීය රජය විසින් ඔවුන්ට වීසා ලබාදී තිබුණේ පාකිස්ථාන කණ්ඩායම ඉන්දියාවට පැමිණීමට පැය 48ක පමණ කාලයක් ඉතිරිව තිබියදීයි.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 5 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලියට පෙර පාකිස්ථානය පුහුණු තරග දෙකකට සහභාගිවීමට නියමිත අතර එම තරග දෙක නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙනු ඇති.

එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථාන කණ්ඩායම සහභාගී වන පළමු තරගය ඔක්තෝබර් 6 වනදා නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

 

 

 

Share This