
අමරිකාවේ ප්‍රථම ථේරවාද බෞද්ධ විහාරයයි වොෂින්ටන් බෞද්ධ විහාරයේ කඨින චීවර පූජා මහෝත්සවය
අමරිකාවේ ශ්‍රේකස්බර්ග් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානයේ කඨින චීවර පූජා මහෝත්සවයක් පසුගියදා පැවැත්වුණා.
මඬිහේ පඤ්ඤාසීහ මහනායක හිමියන් විසින් ආරම්භ කල අමරිකාවේ ප්‍රථම ථේරවාද බෞද්ධ විහාරයයි වොෂින්ටන් බෞද්ධ විහාරය.
මඬිහේ මහ නා හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක වොෂින්ටන් බෞද්ධ විහාරධීපති මහරගම ධම්මසිරි නායක හිමියන්ගේ මඟපෙන්වීම මතයි ශ්‍රේකස්බර්ග් පඤ්ඤාසීන භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබූවේ.
බෞද්ධ චාරිත්‍රානුකූලව පැවති මෙම කඨින චීවර පූජා මහෝත්සවය විචිත්‍රවත් පෙරහැරකින් ද වර්ණවත් වූණා.
ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඇතුළු බෞද්ධ ප්‍රජාව මේ පින්කමට එක්ව සිටියා.
දශක ගනනාවක් පුරාවට ඇමරිකාවේ කඨින චීවර පූජා මහෝත්සවය මෙලෙසින් සිදුකරනු ලබන්නේ, වොෂින්ටන් බෞද්ධ විහාරය හා එක්ව ශ්‍රේකස්බර්ග් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානයයි.