
අම්බලන්ගොඩ දී ව්‍යාපාරිකයකුට වෙඩි
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය ආසන්නයේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළේ අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.
සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වාර්තා වූයේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මාළු ව්‍යාපාරිකයා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීන අතර ඔහු බහුදින යාත්රාහිමියෙකු බවයි.
තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ, පොරඹ පදිංචිකරුවෙකු වන 54 හැවිරිදි වරුෂවිතාන මිරංග නැමති පුද්ගලයෙක්.
ඔහු අපරාධ කල්ලි සාමාජිකයකු වන කරන්දෙනිය ජයලත් සුද්දා නැමැත්තාගේ ඥාතියකු වන බවත්, පසුගිය පලාත් පාලන මැතිවරණයට ස.ජ.බ. යෙන් හිරෙවත්ත කොට්ඨාසයේ ලයිස්තු අපෙක්ෂකයකු බවත් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් 4 ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
