අම්මා සමග ගොස් ‘බාලවයස්කාර පෙම්වතියව’ පැහැර ගත් පෙම්වතා

අම්මා සමග ගොස් ‘බාලවයස්කාර පෙම්වතියව’ පැහැර ගත් පෙම්වතා

18 හැවිරිදි පෙම්වතා තම මව සමග 15 හැවිරිදි පෙම්වතියගේ නිවෙසටම ගොස් ඇයව පැහැරගෙන ගොස් ඇති පුවතක් මතුගමින් වාර්තා වනවා.

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබමින් සිටින අතරේ මෙම දෙදෙනා හඳුනාගෙන ඇති බව පෙම්වතා සහ ඔහුගේ මවට එරෙහිව දොඩම්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළා.

පාසල් සිසුවිය පැහැරගෙන යෑම පිළිබඳව ඇගේ මව කර තිබූ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා සැකකාර පෙම්වතා සහ ඔහුගේ මව අත්අඩංගුවට ගෙන තිබූ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර නාගෙඩ මහ රෝහලට යොමුකර තිබුණා.

Share This