අමාත්‍ය අනුර කරුණාතිලකට තනතුරක්

අමාත්‍ය අනුර කරුණාතිලකට තනතුරක්

දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා තේරී පත්ව තිබෙනවා

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා ශ්‍රී ලංකා – පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වුණා

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්ව සිටියා

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා, ගරු අමාත්‍යවරුන්, ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා

මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළඳ, අධ්‍යාපනික, ආරක්ෂක ඇතුළු අංශ ඔස්සේ මෙන්ම සහ දෙරට ජනතාව අතර පවතින පුළුල් සබඳතාවය සිහිපත් කළා.

ශ්‍රී ලංකාවට පාකිස්ථානය දක්වන අඛණ්ඩ සහයෝගයට කෘතඥතාව පළ කළ කථානායකවරයා, මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීම මෙම මිතුදම ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් බව ද එහිදී අවධාරණය කර තිබෙනවා

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා, අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලයට සුබ පැතුම් එක් කළ අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා පකිස්ථානයේ කැපවීම අවධාරණය කළා

Share This