අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ පිළිබඳ නඩුව ගැන චීනයෙන් යෝජනාවක්

අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ පිළිබඳ නඩුව ගැන චීනයෙන් යෝජනාවක්

අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ පිළිබඳ නඩුවට අදාළව විශේෂඥ කණ්ඩායමක් ස්ථාපනය කරන ලෙස චීනය යෝජනා කර තිබෙනවා.

ලෝක වෙළඳ සංවිධානය වෙත පසුගිය 15 වනදා අදාළ ඉල්ලීම ඉදිරිපත් කළ බවයි චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.

අමෙරිකාවේ ‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ යටතේ එරට සහ ලොව ඇතැම් කලාපවල නව බලශක්ති මෝටර් රථ කර්මාන්තවලට සහනාධාර සැපයීම ඇතුළු පියවර සම්බන්ධයෙන් චීනය පසුගිය මාර්තු 26 වැනිදා ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්‍රණය වෙත නඩුවක් ඉදිරිපත් කර තිබුණා.

සිය නව බලශක්ති මෝටර් රථ කර්මාන්තයේ සංවර්ධන අයිතිවාසිකම් සුරැකීම සහ සාකච්ඡා මාර්ගයෙන් අමෙරිකාව සමග එකඟතාවකට පැමිණිය නොහැකි බැවින් චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත එම ඉල්ලීම ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

‘උද්ධමනය අවම කිරීමේ නීතිය’ට අනුකූලව අදාළ රටවල නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදනය සඳහා සහනාධාර සැපයීම මගින් චීනය ඇතුළු ලෝක වෙළඳ සංවිධාන සාමාජික රටවල නිපැයුම් ප්‍රතික්ෂේප කෙරෙන බව ද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කර තිබෙනවා.

මෙමඟින් බලශක්ති පරිවර්තන පිරිවැය ද ඉහළ යනු ඇති අතර කර්මාන්ත ප්‍රතිපත්ති අත්තනෝමතිකව යොදාගනිමින් ගෝලීය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සහයෝගිතාවට හානි කිරීම නතර කරන ලෙසත්, ලෝක වෙළඳ සංවිධානයේ නීති පිළිපදින ලෙසත් චීනය අමෙරිකාවෙන් යළි ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

Share This