අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින Zombie මත්ද්‍රව්‍ය නිසා වෛද්‍යවරුන් කලබලෙන්

අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින Zombie මත්ද්‍රව්‍ය නිසා වෛද්‍යවරුන් කලබලෙන්

මස් කෑමට පොළඹවන “සොම්බි මත්ද්‍රව්‍ය” පිළිබඳව වෛද්‍යවරුන් විසින් එක්සත් ජනපදය පුරා අනතුරු ඇඟවීම් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවක් භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්නය මෑත කාලයේ අමෙරිකානු වීථිවල නිරන්තර අවධානයක් යොමු කරන ලද ගැටළුවක්

එක්සත් ජනපද ෆෙඩරල් රජයේ දත්ත වලට අනුව මත්ද්‍රව්‍ය අධික ලෙස පානය කිරීම නිසා රට තුළ සෑම විනාඩි පහකටම එක් ජීවිතයක් අහිමි වනවා.

මේ මත්ද්‍රව්‍ය නිසා වචනාර්ථයෙන්ම මිනිසුන්ගේ ශරීර අභ්‍යන්තරය අක්‍රීය වීමට බලපෑම් කරන අතර වෛද්‍ය වෘත්තිකයන් එහි බලපෑම් වලට එරෙහිව සටන් කිරීමට අරගල කරන බවයි පෙනී යන්නේ.

“Zombie Drug”, එක්සත් ජනපදයේ tranq ලෙස හඳුන්වනු ලබන අතර, එය ගවයින් සහ අශ්වයන් සඳහා සන්සුන් කාරකයක් ලෙස භාවිතා කරන ඖෂධයකි.

නීතිවිරෝධී ක්‍රමවලින් මිනිසුන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමත් නිසා එය ව්‍යාප්ත වී ඇති අතර බොහෝ විට tranq ෆෙන්ටැනයිල් සහ හෙරොයින් වැනි වෙනත් නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග මිශ්‍ර කරන බවයි එරට වෛද්‍ය අංශ පෙන්වා දෙන්නේ

නීතිවිරෝධී මාර්ග ඔස්සේ පැමිණෙන අනෙකුත් ඖෂධ යටපත් කර තිබුණත් tranq මත ද්‍රව්‍ය වෛද්‍ය විශේෂඥයින්ට සැළකිය යුතු අභියෝගයක් එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This