අමෙරිකාවේ Burning Man උත්සවයට පැමිණි 70,000කට වර්ෂාව හේතුවෙන් බාධා – අයෙක් මරුට(VIDEO)

අමෙරිකාවේ Burning Man උත්සවයට පැමිණි 70,000කට වර්ෂාව හේතුවෙන් බාධා – අයෙක් මරුට(VIDEO)

අමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පැවති Burning Man සංස්කෘතික උත්සවයක් අතරතුර ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

අයහපත් කාලගුණය නිසා පොළව ලිස්සන සුළු මඩ බවට පත්වීමෙන් පසු දහස් සංඛ්‍යාත ජනයා උත්සවයේ අතරමංව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

උත්සවයට ඇතුළු වන සහ ඉන් පිටත මාර්ග වසා දමා තිබෙනවා

දින නවයක කාලයක් පුරා පැවති උත්සවයේ අවසාන දිනයේ එය නැරඹීමට විශාල ජනතාවක් පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

දැඩි වර්ෂාපතනය දැන් පහව ගොස් ඇති නමුත් තවදුරටත් වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානම තවමත් පවතින බවයි වාර්තා වන්නේ

මිනිසුන්ට පිටව යාමට දින කිහිපයක් ගත විය හැකි අතර මේ හේතුව නිසා ඔවුන්ගේ ආහාර, ජලය සහ ඉන්ධන ඉතිරි කර ගන්නා ලෙස ඔවුන්ට දන්වා ඇති බවද සඳහන්

Burning Man’s උත්සවයේ සංවිධායකයින් පැවසුවේ වාහනවලට එම ස්ථානයෙන් පිටතට යාමට හැකි වන පරිදි මාර්ග වියළි වන්නේ කවදාද යන්න පිළිබඳව දැනට ඇස්තමේන්තුගත කාලයක් නොමැති බවයි.

මේ වන විට පුද්ගලයින් 70,000ක් පමණ එම ස්ථානයේ අතරමංව සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ධවල මන්දිර නිලධාරියෙකු සඳහන් කර තිබෙන්නේ මේ තත්ත්වය පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් දැනුවත් කර ඇති බවයි

මෙම උත්සවයේ ප්‍රවේශපත්‍ර සඳහා ඩොලර් සිය ගණනක් වැයවෙන අතර සෑම වසරකම අඩි 40ක ප්‍රතිමාවක් චාරිත්‍රානුකූලව පුළුස්සා දැමීමෙන් මෙම උත්සවය අවසන් වන බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This