අමෙරිකාවේ Burning Man උත්සවයට පැමිණි අයට යළිත් පිටව යාමට අවසර

අමෙරිකාවේ Burning Man උත්සවයට පැමිණි අයට යළිත් පිටව යාමට අවසර

අමෙරිකාවේ නෙවාඩා හි Burning Man සංස්කෘතික උත්සවයට පැමිණ ඇතිවූ දැඩි වර්ෂාව නිසා පිටව යාමට නොහැකිව එහි සිරවී සිටි පිරිසකට තෙත් තත්ත්වය පහව ගිය පසු පිටව යාමට සංවිධායකයින් විසින් අවසර දී තිබෙනවා

මෙම ස්ථානයෙන් පිටව යාමට පටන් ගත හැකි බව සංවිධායකයින් පැවසූ නමුත් තදබදය වැළැක්වීම සඳහා එය අද (05) දක්වා ප්‍රමාද කිරීමටයි ඔවුන් යෝජනා කර තිබෙන්නේ .

අතරමං වූ පුද්ගලයන් 72,000ක් අතරින් 62,000ක් පමණ තවමත් එම ස්ථානයේ රැඳී සිටින බවයි පැවසෙන්නේ

මෙම ස්ථානයේදී ජිවිතක්ෂයට පත්වූ වයස අවුරුදු 40 ක් පමණ වන පුද්ගලයාගේ සිදුවීම අයහපත් කාලගුණය නිසා සිදු වූවක් නොවන බවයි සංවිධායකයින් සඳහන් කරන්නේ

Burning Man සංස්කෘතික උත්සවය නිල වශයෙන් අගෝස්තු 27 වෙනිදා ආරම්භ වීමටත් පෙර එම ප්‍රදේශය Hilary සුළි කුණාටුවෙහි බලපෑමටද ලක්ව තිබෙනවා

Burning Man යනු අමෙරිකාවේ වඩාත් ප්‍රසිද්ධ කලා හා සංස්කෘතික සිදුවීම් වලින් එකක් වන අතර ජනතාව ඒ වෙනුවෙන් කාන්තාරය මැද තාවකාලික නගරයක් නිර්මාණය කර මෙම උත්සවය පවත්වනු ලබනවා

Share This