අමෙරිකාව කොලොම්බියාවට පැනවූ සම්බාධක

අමෙරිකාව කොලොම්බියාවට පැනවූ සම්බාධක

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොලොම්බියාවට තීරුබදු සහ සම්බාධක පැනවීමට සිය පරිපාලනය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයින්ට සිය රටට ගොඩබෑමට කොලොම්බියාව අවසර ලබා නොදීමයි.

ඒ අනුව අමෙරිකාවට කොලොම්බියාවෙන් ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 25ක හදිසි තීරු බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම කොලොම්බියාවේ රාජ්‍ය නිලධාරීන්ට සහ ඔවුන්ගේ සහයකයින්ට සංචාරක තහනමක් පැනවීමට ද අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ට්‍රම්ප් පරිපාලනය විසින් මේ සම්බන්ධයෙන් නිවේදනය කිරීමෙන් අනතුරුව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 25කින් බදු ඉහළ දමන ලෙස දැනුම් දී ඇති බවයි.

Share This