අමෙරිකාව, චීන නිලධාරීන්ට අත්තනෝමතිකව වීසා සීමා කිරීම ගැන චීනයේ දැඩි විරෝධය

අමෙරිකාව, චීන නිලධාරීන්ට අත්තනෝමතිකව වීසා සීමා කිරීම ගැන චීනයේ දැඩි විරෝධය

අමෙරිකාව, චීන නිලධාරීන්ට අත්තනෝමතිකව වීසා සීමා කිරීම පිළිබඳව චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

අමෙරිකාව හිතාමතාම ව්‍යාජ තොරතුරු පතුරවමින් චීනයේ මානව හිමිකම් තත්ත්වයට චෝදනා එල්ල කරමින් චීන නිලධාරීන් කෙරෙහි අත්තනෝමතිකව වීසා සීමා කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් වන අතර ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලික රෙගුලාසීන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ඔහු විසින් පෙන්වාදී ඇති අතර මේ පිළිබඳව දැඩි අප්‍රසාදයෙන් සිටින චීනය අමෙරිකාව එරෙහිව විරෝධතා පළ කරන බව සඳහන් කර තිබෙනවා.

ඊනියා ‘නොවැදගත් සේ සලකන ආගමික කණ්ඩායම්වලට හා ජන වාර්ගික ජනතාවට වද හිංසා කිරීම’ට එක්වූ චීන නිලධාරීන්ට වීසා සීමාවන් ක්‍රියාත්මක කරන බව පසුගියදා අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා.

Share This