
අමෙරිකාව තමන්ට එල්ල කළ ප්‍රහාරයෙන් බරපතළ හානියක් නොවූ බව ඉරාන උත්තරීතර නායකයා පවසයි
කටාර්හි ඇමරිකානු කඳවුරකට පහර දීමෙන් තම රට “ඇමරිකාවට කම්මුල් පහරක්” එල්ල කර ඇති බව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අද (26) ප්‍රකාශ කළා.
ජාත්‍යන්ත පුවත් පැවසුවේ දින 12 ක යුද්ධයකින් පසු ඊශ්‍රායලය සමඟ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහුගේ පළමු ප්‍රසිද්ධ අදහස් දැක්වීමේදී තවදුරටත් එක්සත් ජනපද ප්‍රහාරවලට එරෙහිව අනතුරු ඇඟවූ බවයි.
ජුනි 19 වන දිනට පසු ඔහුගේ පළමු වරට ප්‍රසිද්ධ මාධ්‍යක පෙනී සිටිමින් වූ ඉරාන රාජ්‍ය රූපවාහිනියේ විකාශනය වූ පටිගත කරන ලද වීඩියෝවකින් කමේනි සිය අදහස් පළ කළා.
86 හැවිරිදි ඔහු සතියකට පෙර සිටි තරමට වඩා වෙහෙසට පත් වූ බවක් සහ උස් හඩක් ඇති කරමින්, ගොරෝසු හඬකින් කතා කළ අතර ඉඳහිට ඔහුගේ වචන පැටළිලි සහිත වූ බවත් ජාත්‍යන්ත පුවත් ඒජන්සි පෙන්වා දුන්නා .
එම වාර්තා පැවසුවේ උත්තරීතර නායකයාගේ මිනිත්තු 10 කට වඩා වැඩි කතාව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දෙසට යොමු කරන ලද අනතුරු ඇඟවීම් සහ තර්ජන වලින් පිරී තිබු බවයි.
ඉරිදා එක්සත් ජනපද ඉරාන න්‍යෂ්ටික ස්ථාන තුනකට බංකර්-බස්ටර් බෝම්බ සහ කෲස් මිසයිල භාවිතා කරමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ ප්‍රහාර අවතක්සේරු කළ අතර, ප්‍රහාරය “ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම සහ මුළුමනින්ම විනාශ කළ” බව පැවසූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහි බලපෑම “අතිශයෝක්තියට නංවා” ඇති බව පැවසුවා.
අමෙරිකාව තමන්ට ප්‍රහාරයක් එල්ල කළත් ඉන් තම රටට බරපතළ හානියක් සිදු නොවූ බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පැවසුවා.
තමන් කිසිවෙකුට හෝ යටත් නොවන ජාතියක් බවත්, ඊශ්‍රායලයට එරෙහි යුද්ධය ඉරානය ජයගත් බවත් හෙතෙම අවධරණය කළා.
ඊශ්‍රායලය විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඉකුත් ජුනි 13 වැනිදා ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අලි කමේනි පෙනී සිටි පළමු අවස්ථාව ද මෙයයි.
අමෙරිකාව විසින් ඉකුත් 22වනදා B2 ප්‍රහාරක යානා යොදාගනිමින් සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන කිහිපයකට බංකර්-බස්ටර් බෝම්බ හෙළමින් සිදුකළ ප්‍රහාරය ගැනද මෙම වීඩියෝව හරහා කමේනි කරුණු දක්වා තිනුණා.
එහිදී ඔහු පවසා සිටියේ, අමෙරිකාව විසින් එම ප්‍රහාරයෙන් තමන්ට සංඛේතාත්මක බලපෑමක් කළත්, ඉන් ඉරානයට දැනෙන බලපෑමක් සිදු නොවූ බවයි.
එමෙන්ම ඉරානය කිසිදු දිනක යටත් නොවන බවත් මෙහිදී ඔහු පවසා ඇත.