අමෙරිකාව ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් වෙනත් රටවල සම්පත් පැහැර ගන්නා බව චීනය කියයි

අමෙරිකාව ත්‍රස්තවාදය මර්දනය කිරීමේ මුවාවෙන් වෙනත් රටවල සම්පත් පැහැර ගන්නා බව චීනය කියයි

අමෙරිකාව ත්‍රස්තවාදය මර්දනය කරන බව කියමින් වෙනත් රටවල සම්පත් පැහැර ගන්නා බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (03) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

චීන මාධ්‍ය සමූහයට අයත් CCTV නාලිකාව පසුගියදා පැවැත්වූ සමීක්ෂණයකදී අනාවරණය වූයේ සිරියාවේ රැඳීසිටින අමෙරිකානු හමුදාව දෛනිකව ධාන්‍ය ලොරි 10 කට අධික සංඛ්‍යාවක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රටින් පිටතට ප්‍රවාහනය කරන බවයි.

එමෙන්ම ඔවුන් තම සොරකම් සැඟවීම සඳහා මුරපොළවලදී මාර්ගයේ ගමන් ගන්නා සියලු දෙනාගේ ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කර ඇති අතර අදාළ ක්‍රියාවන් ඡායාරූපවලට හසු වී ඇතැයි යන සැකය නිසා බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mao Ning මහත්මිය පැවසුවේ අමෙරිකාව සිරියාවේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු අතර එරට සම්පත් පැහැර ගැනීම වහා නතර කළ යුතු බවයි.

Share This