
අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්
ඉරානය හා ඊශ්‍රායලය යන රටවල් දෙකම දැන හෝ නොදැන තමන් ප්‍රකාශ කළ සටන් විරාමය කඩකර තිබෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව, ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍යයන් වාර්තා කරනවා.
ඊශ්‍රායලය අද පෙරවරුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අතර තමන් එයට කිසිම කැමැත්තක් නොතිබූ බවත් තමන්ට ඊශ්‍රායලය සන්සුන් කිරීමට සිදුවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
නැවත යුද්ධයක් ඇතිවීම නැවත්වීමට හැකි සෑම උත්සාහයක්ම නේටෝ සමුළුව ආරම්භ වීමට පෙර තමන් ගන්නා බවද ඔහු පැවසුවා.
සටන් විරාමයකට එකඟ වීමෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙළා ඇති බවත් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය පිළිබඳව තමන් සතුටු නොවන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඉරානය සහ ඊශ්‍රායල දීර්ඝ කාලයක සිට යුද වැදීම හේතුවෙන් තමන් කරන්නේ කුමක්දැයි දෙපාර්ශ්වයට අමතක වී ගොස් ඇති බව ඇමෙරිකා ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.