
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්, ශ්රී ලංකාවට පැනවූ බද්ද 30% යි
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව ශ්රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක තීරුබදු පැනවිමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබෙනවා.
මෙම නව බදු සංශෝධන පිළිබඳ නිවේදනය ධවල මන්දිරය විසින් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත අමරිකා ජනපති විසින් යොමුකර තිබෙනවා.
එම බදු පැනවීම අගෝස්තු මස 01වනදා සිට ක්රියාත්මක වන අතර අමෙරිකා ජනාධිතිවරයා කලින් ශ්රී ලංකාව වෙත සියයට 44% ක බදු පැනවීමක් සිදුකර තිබුණා.
ශ්රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය, ලිබියාව, බෲනායි සහ මෝල්ඩෝවා මෙන්ම පිලිපීනය සඳහාද තීරුබදු පනවන බව දන්වා නව ලිපි නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නිවේදනය කල බවයි ධවල මන්දිරය සදහන් කලේ.