අඹුසැමි යුවලකට මරු කැඳවූ මාරක රිය අනතුර

අඹුසැමි යුවලකට මරු කැඳවූ මාරක රිය අනතුර

අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ බොපාගොඩ හන්දිය අසලදී වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදි සහ පසුපස සිටි පැදිකාරිය බරපතළ තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාව මියගොස් ඇති බව සඳහන්.

තුවාල ලැබූ යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ජාතික රෝහල වෙත මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව වයස අවුරුදු 32ක් වූ අතර පිරිමි පුද්ගලයා 38ක් වූ පාදනැල්ල, මාකඳුර ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අකුරැස්ස පොලීසිය සිදුකරනු ලබනවා.

Share This