
අයථා වත්කම් හා දේපළ නඩුවට යෝෂිත – ඩේසි අධිකරණයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළා.
ඒ අනුව, කොළඹ මහාධිකරණය මෙම නියෝගය කළේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.
රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින්, යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.