
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් රසායන ද්‍රව්‍ය වලට සමාන ද්‍රව්‍ය තොගයක් නොටොල්පිටියේ ඉඩමකින් මතුවේ (VIDEO)
තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර, දමනියගහ ගොඩැල්ල මාර්ගයේ පාලු ඉඩමකට දමා ගොස්තිබු සැකසහිත රසායනික ද්‍රව්‍ය තොගය හමුවු ස්ථානයට මේවන විට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.
පොලීසිය පැවසුවේ මේවා මිද්දෙනිය, තලාව ප්‍රදේශයේදී හමුවු අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සදහා යොදාගනු ලබන අමු ද්‍රව්‍ය වලට සමාන බවයි.
මේ රසායන ද්‍රව්‍ය තොගය ආරක්ෂා සහිතව මේ වන විට හමුවු ස්ථානයේම තබා පරීක්ෂාවට ලක් කරනවා.
ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, වැලිආර, දමනියගහ ගොඩැල්ල මාර්ගයේ පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබුණා.
එහිදී එම ඉඩමේ තිබී සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුන අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බව පොලිස් නිලධාරින් පවසනවා.
මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බව වාර්තා වනවා.