අයිෆල් කුළුණ අසල පිහි ඇණුමකින් පුද්ගලයෙක් මරුට

අයිෆල් කුළුණ අසල පිහි ඇණුමකින් පුද්ගලයෙක් මරුට

ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණ අසල පිහි ඇණුමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ පිහි සහ මිටි ප්‍රහාරයකින් මියගිය පුද්ගලයා ජර්මානු ජාතිකයෙකු වන අතර බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ද එහිදී තුවාල ලබා ඇති බවයි

පිහි ඇනුමට සම්බන්ධ 26 හැවිරිදි ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට සඳහන් කර ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ සහ පලස්තීනයේ බොහෝ මුස්ලිම්වරුන් මිය යන බැවින් තමා කලබලයට පත් වී ඇති බවයි

මෙම පුද්ගලයා මානසික ආබාධවලින් පෙළෙන බව ද සඳහන්

2016 වසරේ දී තවත් ප්‍රහාරයක් සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔහු වසර හතරක සිරදඬුවමක් ද නියම වී ඇති අතර, සැකකරු ප්‍රංශ ආරක්ෂක සේවා නිරීක්ෂණ ලැයිස්තුවේ සිටින අයෙකු බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This