අය වැයෙන් ලබන වසරේ සහන යෝජනා සහ සංවර්ධන යෝජනා රැසක් – සම්පූ‍ර්ණ විස්තරය මෙතනින්

අය වැයෙන් ලබන වසරේ සහන යෝජනා සහ සංවර්ධන යෝජනා රැසක් – සම්පූ‍ර්ණ විස්තරය මෙතනින්

ඊයේ (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 2026 අය වැය යෝජනා අතර පානීය ජල සැපයුම වෙනුවෙන් රු.මි. 85,700 ක් වෙන් කර තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවය වෙනුවෙන් රු.මි.67,200 ක් වෙන් කර ඇති අතර දුරගමන් සේවා බ‍ස් රථ 600 ක් වෙනුවෙන් රු,මි.3600 ක් ඉන් වැය කිරීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ග්‍රීන් හඩ්‍රිජන් ව්‍යාපෘතියක් ලබන වසරේ ආරම්භ කරන බවයි.

විශ්වවිද්‍යාල සිසුන්ට පිරිනමන මහපොළ ශිෂ්‍යාධාර දීමනාව ලබන වසරේ සිට රු.2500 කින් ඉහළ දමා තිබෙනවා.

උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ආබාධිත සිසුන් වෙනුවෙන් මාසිකව රු.5000 ක දීමනාවක් ලබාදීම සඳහා රු.මි. 50 ක් ලබන වසරේ අය වැයෙන් වෙන් කර තිබෙනවා.
තෝරාගත් විශ්වවිද්‍යාලයන් හි නේවාසිකාගාරීදිකිරීම වෙනුවෙන් රු.මි.1500 ක් වෙන්කර ඇති අතර විශ්වවිද්‍යාල ආශ්‍රිත පුද්ගලික නේවාසිකාර ගොඩනැගිලි යොදාගැනීම පිළිබඳවද රජයේ අවදානය යොමුකර ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

දැනට ඇති රෝහල් වලට අමතරව ආරෝග්‍ය ශාලා ප්‍රාදේශීය මට්ටමින් ඇති කිරීම සඳහා ලබන වසරට රු.මි. 1500 ක් වෙන්කර ඇත්තේ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින්.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ලබන වසරේ සිට හාම්පුතුන් ගෙන රු. 200 ක් සහ රජයෙන් රු.200 ක දිරි දීමනාවක් ලෙස රු. 400 කින් ඉහළ දමා තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ඇතැම් වතු හිමියන් ගේ හිමිකම් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි.

මූලික රෝහල් 82 ක් සංවර්ධනය කිරීම වෙනුවෙන් රු.මි.31,000 ක් ලබන වසරේ අයවැයෙන් වෙන් කර තිබෙනවා.

Govpay පද්ධතිය ප්‍රචලිත කිරීම සහ වර්ධනය කිරීම ද ලබන වසරේ අය වැය ඉලක්ක අතර ප්‍රධානයි.

ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීම ද ලබන වසරේ රජයේ ඉලක්ක අතර වනවා.

රටපුරා බ්‍රෝඩ් බෑන්ඩ් ප්‍රවේශ පුළුල් කිරීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් රු.මි.3000 ක් වෙන කර ඇත්තේ ප්‍රධාන අරමුණු රැසක් ඉලක්ක කරගනිමිනුයි.

2026 මාර්තු මස තුන් වැනි කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් හැඳනුම්පත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවා.

ඔහු පෙන්වා දුන්නේ මෘදුකාංග නිර්මාණය සහ එය ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කිරීම දක්වා පෞද්ගලික අංශයේ සහාය ලබාගන්නා නමුත් දත්ත පද්ධතිය රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් සිදුකරන බවයි.

QR කේත හරහා රු.5000 ට වඩා අඩු ගෙවීම් සේවා ගාස්තු වලින් නිදහස් කිරීමට ද රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්ට බ්‍රෝඩ් බෑනඩ් ප්‍රවේශය නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඩිජිටල් තාක්ෂණ ව්‍යාපෘතිය යටතේ නව සන්නිවේදන කුළුණු 100 ක් ඉදිකිරීමට ලබන වසරේ සැලසුම් කර ඇති අතර ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයින්ට වසර 5 දක්වා බදු ඉවත් කිරීමට ද රජය තීරණය කර ඇතැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

රාජ්‍ය සේවයේ සියයට 3 ක් ආබාධිත අයට රැකියා සැපයිය යුතු බවට සඳහන් වුවද එය මෙතෙක් ඉටුවී නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ආබාධිත පුද්ගලයින්ට රැකියා සපයන ආයතන සඳහා වැටුපෙන් සි‍යයට 50 රජයෙන් ගෙවීමට ද පාර්ලිමේන්තුවට යෝජනා කළා.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙනුවෙන් රු.මි.9000 ක් වෙන් කර අති අතර ආබාධිත දරුවන්ට සමාන අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීම වෙනුවෙන් අඩු ආදායම් ලාභී පවුවල ආබාධිත දරුවන්ට වෛද්‍ය උපදෙස් මතමසක රු.5000 ක දීමනාවක් ප්‍රධානය කිරීමට ද ලබන වසරේ රජයේ අය වැය යෝජනාවක්.

සබරගමුව – මොරටුව – කුලියාපිටිය වෛද්‍ය පීඨ සංවර්ධනය කිරීම වෙනුවෙන් රු.මි.11,00 ද වෙන් කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට “දායකත්ව විශ්‍රාම වැටුපක්” ද අය වැය යෝජනා අතරට ඇතුළත්.

ඒ සඳහා අධිකාරියේ මුදල් රු.මි.2000 ක් වෙන කර තිබෙනවා.

අලි – මිනිස් ගැටුම විසඳා ගැනීම සඳහා රජය වැඩ පිළිවෙලක් ලබන වසරේ යෝජනා අතරටඇතුලත් කර තිබෙනවා.

අලුතින් විදුලි වැට ඉදිකිරීම සඳහා වෙන් කර ඇති මුදල රු.මි.300 ක්.

වන ජීවී දෙපාර්තමේන්තුවට නවීන රථ 294 ක් මිල දී ගැනීම සහ නීන තාක්ෂණය ලබා ගැනීමට ද මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

අලි වැට අධික්ෂණය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා සිවිල් සේවකයින් 5000 ක් ස්ථිර සේවයට බඳවා ගෙන ඔවුන්ට වැටුපට අමතරව දිරි දීමනාවක් පිරි නැමීමටත් අය වැ‍ය යෝජනාවල ඇතුලත්.

සම්පූර්ණ අය වැය විස්තරය මේ සමග පහතින් අමුණා ඇත.

Budget Speech 2026

Share This