
අරගලකරුවන්ට එරෙහිව හිටපු ජනපති රනිල්ගේ හදිසි නීති පැනවීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි (VIDEO)
2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(23) තීන්දු කළා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කර ඇත්තේ වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබු හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බව ත්රිපුද්ගලයි.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, යසන්ත කෝදාගොඩ මහතා යන බහුතර විනිසුරුවරු මෙම තීන්දුව ලබා දුන්නා.
එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා , වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් නොවන බව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසත් රජයට නියම කළා.