
අර්චුනාගේ ප්‍රකාශයට ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිළිතුරු
පසුගිය කාලසීමාවේදී රේගුවෙන් නිදහස් කළ බහලුම් හරහා හිටපු LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට අයත් අවිආයුධ තොගයක් මෙරට තුළට ගෙන එන ලද බවට යාපනය දිස්ත්‍රික් පා. මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එවැනි චෝදනා තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව පවසමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය බව පවසමින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජාතික ආරක්ෂක කරුණු ප්‍රසිද්ධ සංසදයන්වල දේශපාලනීකරණය කිරීම හෝ වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම නොකළ යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.