
අල්ලස් ගත් ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියාට හා කෘ.ප.නි.ස. ට වැඩ වරදී
ජා – ඇල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සිදුකළ පැමිණිල්ලකට අනුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියකු සහ කෘෂිකටම පර්යේෂණ හා නිෂ්පාදන සහකරුවකු ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඩිඅම්බලම ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී කාර්යාලයේ දීයි.
පැමිණිලිකරුට අයත් පර්චස් 50 ක කුඹුරු ඉඩම කුඹුරු ඉඩමක් නොවන බවට නිර්දේශකර ගැනීම සහ එම නිර්දේශය ලැබෙනතුරු අදාල ඉඩම කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කර ලිපියක් ලබාදීමට අදාල ලක්ෂ 3 ක මුදල ලබාගැනීමේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
පසුව ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නියෝග කර ඇත්තේ සැප්තැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.