අල්ලස් ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක රිමාන්ඩ්

අල්ලස් ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක රිමාන්ඩ්

රජයේ රැකියා ලබාදෙන බව පවසමින් අල්ලස් ලබා ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරේන්ද්‍ර චානක අයිලප්පෙරුම මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් කොමිසම වෙත සිදු කරන ලද පැමිණිලි දෙකකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රැකියා ලබාදෙන බව පවසමින් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයා විසින් රුපියල් ලක්ෂ දෙකකක් සහ රුපියල් එක් ලක්ෂ 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන තිබෙනවා.

ඔහු අද (26) පෙරවරුවේ මහනුවර ප්‍රදේශයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්.

Share This