
“අලි රොෂාන්ට” වසර 15 සිර දඩුවමක්
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ නමැත්තාට බරපතල වැඩ සහිත වසර 15 ක සිර දඬුවම් නියම කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කර තිබෙනවා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206 ක දඩයක් හා ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්. සපුවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එසේම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.