
අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අද අනුරපුරදී
58 වැනි වරටත් සංවිධානය කරන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (04) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වෙනවා
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබෙනවා
උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්ම යල කන්නයේ වගා කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙහි අරමුණ වනවා.