අවිගත් කැරැල්ලට සම්බන්ධයක් නෑලු නම අවභාවිතා කරනවට නඩු දැමිය යුතුයි -ජනපති රනිල්-

අවිගත් කැරැල්ලට සම්බන්ධයක් නෑලු නම අවභාවිතා කරනවට නඩු දැමිය යුතුයි -ජනපති රනිල්-

රටේ පවතින තත්ත්වයට තම පක්ෂය හැර අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ වගකිව යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අවිගත් කැරැල්ලට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බව මවා පාමින් ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාව රවටමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා එසේනම් ඔවුන් තමන්ගේ නම අවභාවිතා කිරීම වෙනුවෙන් අදාළ පාර්ශ්වයන් වෙතින් වන්දි ඉල්ලා නඩු පැවරිය යුතු බව සඳහන් කර සිටියා.

ජනතාවට ඉටුකළ නොහැකි පොරොන්දු ලබාදෙමින් ජනතාව මුලා කිරීමේ වරද ජනතා විමුක්ති පෙරමුණ නැවත සිදු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ.

එහිදී අතීත වැරදි පිළිගැනීමට සූදානම් නැති පිරිසකට රටේ අනාගතය භාරදිය හැකිද කියා ජනාධිපතිවරයා ප්‍රශ්න කළ බව සඳහන්.

Share This