අවිවාහක ගැබිනිය දරු කළලය මල් පාත්තියේ වළ දමලා
අවිවාහක තෙමස් ගැබිනියක විසින් තම නිවසේ මල් පාත්තියක වළ දමනු ලැබුවේ යැයි කියන කළලයක් නුවරඑළිය මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ජයරත්න මහත්මිය ඉදිරියේදී ඊයේ (01) ගොඩ ගෙන තිබෙන බව තිබෙනවා
නුවරඑළිය, කැලේගාල, පහළ ගිබ්සන් ප්‍රදේශයේ ඇය පදිංචිව සිටි නිවසේ මල් පාත්තියක වළලා තිබියදී එම කළලය නුවරඑළිය පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ගොඩ ගෙන තිබෙනවා
26 හැවිරිදි අවිවාහක එම තරුණිය ගබ්සාවෙන් පසුව ප්‍රතිකාර ලබා ගැනීමට නුවරඑළිය මහ රෝහලට අගෝස්තු 31 දින ඇතුළත් වී ඇති අතර රෝහලේදී වෛද්‍යවරුන් ඇය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇයට ගබ්සාවක් සිදුවී ඇති බවටයි හඳුනා ගෙන තිබෙන්නේ
අනතුරුව එම වෛද්‍යවරුන් ඒ පිළිබඳව නුවරඑළිය පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව, නුවරඑළිය පොලිසියේ නිලධාරින් විසින් ඇය පදිංචි නිවස සහ නිවස අවට පරීක්ෂා කර තිබෙනවා
පසුව එම තරුණිය කළලය වළ දැමූ ස්ථානය හඳුනා ගැනීමෙන් පසු , මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේදී එය ගොඩගෙන තිබෙනවා
ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇය ගැබ් ගන්නට ඇති බවත් පසුව එම දරු ගැබ ගබ්සා කිරීමක් සිදු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නුවරඑළිය පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැක පළ කරන බවත් ගොඩගත් කළලය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නුවරඑළිය පොලිසියට නියෝග කර ඇති බවත් සඳහන්
එමෙන් ම ,අදාළ තරුණියගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර තරුණිය මේ වන විට නුවරඑළිය මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ