“අශෝකපිලර්” රන්සම්මානය අමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද නාහිමිට

“අශෝකපිලර්” රන්සම්මානය අමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද නාහිමිට

අග්ගමහපණ්ඩිත, අමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වල්පොල පියනන්ද නාහිමි “අශෝකපිලර්” රන්සම්මානයෙන් පිදුම් ලැබූවා

සම්බුධශාසනයේ චිරස්ථිතිය සහ බෞද්ධ සමාජයේ සදාචාරාත්මක පැවැත්ම උදෙසා සක්‍රීයව දායකත්වය ලබාදෙන දෙස්-විදෙස් මහාසංඝරත්නය උදෙසා මෙම ජාත්‍යන්තර පුදකරනු ලබනවා.

තායිලන්ත ජාතික බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මහථේර සමාගම සහ මහාචූලාලංකාර විශ්වවිද්‍යාලය එක්ව මෙය සංවිධානකරනු ලබනවා.

ආචාර්ය වල්පොල පියනන්ද නායක මාහිමිපාණන් වහන්සේ කරනු ලබන ශාසනික, සාමාජික සේවාවන් ඇගයීම මෙම සම්මානය පිදීමේ අරමුණයි.

විශේෂයෙන් සමාජ යහපැවැත්ම උදෙසා බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන සදාචාරාත්මක ගුණධර්ම ප්‍රවර්ධනයෙහි ලා උන්වහන්සේ සිදුකරනු ලබන සේවාව ජාත්‍යයන්තරව අවස්ථා ගනනාවකදීම ගෞරවාදරයට පාත්‍රවුණා.

 

Share This