අසරණභාවයට පත් පාසල් දරුවන් වෙනුවෙන් දීමනාවක්
අස්වැසුම හිමි මෙන්ම මව්පියන් ආබාධිත, ළමා නිවාසවල සිටින විශේෂ හේතු මත අසරණභාවයට පත් පාසල් දරුවන් සඳහා පාසල් පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ලබන පාසල් වාරයේ සිට අදාළ තීරණය ක්රියාත්මක වන බව සඳහන්.