
අපවත් වූ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාහිමියන්ගේ ආදාහනෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ජූලි 24 දා මහනුවරදී
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී හිමියන් අද (21) අලුයම අපවත් වී තිබෙනවා.
උන්වහන්සේ අපවත්වන විට 67වැනි වියේ පසු වූ බව සඳහන්.
අපවත් වී වදාල සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන් ගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේ දී ජූලි මස 24 වැනිදා සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
අපවත් වී වදාල අස්ගිරි පාර්ශ්වයේ අනු නාහිමියන්ගේ දේහය අද පස්වරු 4 ට ලියන්ගස්තැන්න විහාරයට වැඩමවීමට නියමිතයි.
දේහය හෙට (22) පස්වරු 3 දක්වා ලියන්ගස්තැන්න තැන්පත් කර තැබෙනවා.
අනතුරුව උන්වහන්සේගේ දේහය අස්ගිරිය විහාර විශ්‍රාම ශාලාව වෙත හෙට සවස වැඩමවන අතර 24 දින දක්වා මහජන ගෞරවය සදහා එහි තැන්පත් කර තැබෙනු ඇති.
අස්ගිරියෙන් පස්වරු 01.30 අනුනාහිමියන්ගේ දේහය පිටත්වී පස්වරු 02.30 ට මහනුවර පොලිස් ක්‍රීඩාංගනයේදී අදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ධර්ම ප්‍රචාරණ කටයුතුවලදී මෙන්ම බුදු සසුනේ උන්නතිය උදෙසා නා හිමියන් මහත් දායකත්වයක් ලබා දුන්නා.