
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට ශ්රාස්ත්රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකඛාධිකාරී ශ්රාස්ත්රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් තේරී පත්ව තිබෙනවා.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී නාහිමියන්ගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධුරයටයි උන්වහන්සේ අද තේරී පත්වුණේ.
අද පස්වරුවේ අස්ගිරි විහාර මංගල උපෝසථාගාරය වෙත රැස්වුණු අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ අභිනව අස්ගිරි අනුනායක හිමියන් ලෙස තෝරා පත් කර ගනු ලැබුවා.