අස්වැසුම ප්‍රතිලාභී වැඩිහිටි දීමනාව හෙට (30) බැංකුවට

අස්වැසුම ප්‍රතිලාභී වැඩිහිටි දීමනාව හෙට (30) බැංකුවට

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින්, මේ වසරේ ජූලි මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට හෙට(30) බැර කිරීමට නියමිත බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.

ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට හෙට සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබා ගතහැකියි.

Share This