ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 18ක් ඇතුළුව පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී පෙරේදා(16) අනාවරණය වි තිබෙනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු වුණා

මෙම වසරේ (2021) ඔක්තෝබර් මාසයේ පළමු වැනිදා වනවිට ජ්‍යේෂ්ඨ මට්ටමේ තනතුරු 18ක්, තෘතියික මට්ටමේ තනතුරු 113ක්, ද්විතියික මට්ටමේ තනතුරු 121ක්, ප්‍රාථමික මට්ටමේ තනතුරු 19ක් සහ වෙනත් එක් තනතුරක පුරප්පාඩු පවතින බව මෙහිදී අනාවරණය වී තිබෙනවා

ඒ  අනුව මෙම තනතුරු කඩිනමින් පුරවා ගැනීමට කටයුතු කරන ලෙස ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශ කළ බව සඳහන්

මෙම පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කාර්යසාධනයට බාධාවන් එල්ල වී ඇති බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දී තිබෙන අතර එම තනතුර පිරවීම සඳහා මේ වනවිට ඉල්ලීම් කොට ඇති බව රජයේ ගිණුම් කාරක සභාව වෙත පැමිණි නිලධාරිහූ මෙහිදී අනාවරණය කර සිටියා

Share This